Breaking news

☆☆ජපානේ ජන ජීවිතය: ඕක්තොම්බර් පළමුවැනිදා සිට සිදුවන අළුත් වෙනස්කම්......☆☆

රාජ්‍ය සහ පුද්ගලික අංශය විසින් සිය ආයතන පිළිබඳ ගත් තීරණ තින්දු නිසා අද දින සිට ජන ජීවිතයට බලපාන වෙනස්කම් කීපයක් සිදුවේ. මෙහි පහත දැක්වේන්නේ එම වෙනස්කම් පිළිබඳව "මයිනිචී පුවත්පත"ඉදිරිපත් කළ සාරාංශයයි.

◎සුභසාධක සහ සෞඛ්‍ය රක්ෂණය ගාස්තු ඉහළට
ඔබ ස්‍ථිර රැකියාවක නිරත වන්නෙකු නම් ඔබගේ මාසික වැටුපෙන් ස්වංක්‍රීයව කපා ගන්නා සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව මේ මාසේ සිට 0.354%කින් වැඩි කර තිබේ.

◎පැයක් සඳහා අවම වැටුප ඉහළට
අද දින සිට මේ මාසය ඇතුළත ඒ ඒ පලාත සඳහා නියම කර තිබෙන අවම වැටුප(පැයක් සඳහා) සමාන්‍ය අගය යේන් 16ක් පමණ වන ලෙස ඉහළ දමා තිබේ.

◎අවහන්හල් කෑම මිල ඉහළට
චීන ආහර වන ග්යොසා සහ රාමේන් වල මිල ගණන් 10%කින් පමණ ඉහළ යාමට නියමිතය.ස්ටාර්බක් කෝපි අවහන්හල් ද සිය latteවර්ගයේ බීම සඳහා මිල යෙන් 10කින් ඉහළ දැමීමට නියමිතය.

◎සන්නිවේදන
ජංගම දුරකථන සමාගම් සහ PHS දුරකථන සමාගම් අතර දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සමාගමක සේවාවන් ලබා ගැනිමේ පහසුකම්(MNP;mobile number portability) අද දින සිට සැපයේ. ඔබ භාවිතා කරමින් සිටින්නේ 070පටන් ගන්නා දුරකථනයක් නම්, අද දින සිට සොෆ්ට්බෑන්ක් ,ඩොකොමො අදී දුරකතන සඳහා ඔබගේ පරණ අංකයෙන්ම මාරුවීම කළ හැකිය.

◎විදේශ සංචාරකයිට බදු සහන
මේ දක්වා ඉලොක්ට්‍රොනික් උපකරණ ආදී සිමිත වපසරියකට ලබා දුන් ,පරිභෝගික බද්දෙන් නිදහස් කිරීම, අහාර ද්‍රව්‍ය ,රූපලාවන්‍ය භාණ්ඩ අදී ලෙස විශාල වපසරියකට පුළුල් කිරිමට රජය අද දින සිට කටයුතු කරයි.

මුලාශය මයිනීචි පුවත්පත


0 comments:

© 2013 හිරු නැඟෙන රටේ අපි. All rights reserved.
Designed by Trackers
Theme by Magazinetheme.com