Breaking news

☆☆ජපාන ජනහනයෙන් අට දෙනෙකුට එක්කෙනෙකු වයස 75ට වැඩියි.☆☆

අද(15) ජපානේ ජාතික නිවාඩු දිනයක් වන අතර මේම නිවාඩුව වැඩිහිටියන්ට ගරු කරන දිනය ලෙස කැලැන්ඩරයේ වෙන් කර තිබේ.
අද දිනයේදී, ජපාන ස්වදේශ කටයුතු අමාත්‍යශය වැඩිහිටි ජනගහනය පිළිබඳ වාර්තා වාර්ෂිකව ඉදිරිපත් කරයි. ජපානය ඉතා සිඝ්‍රයෙන් මහලු වෙන ජනගහනයක් සහිත රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර මේවර වාර්තාව ඒම තත්වය තව දුරත් තහවුරු කරයි. මේ අනුව සෑම ජපාන ජාතිකයින් 8කුගෙන් එක් අයෙකු වයස 75 ඉක්මවා සිටින අතර වයස 65ට වැඩි පිරිස මුළු ජනගහන‍යෙන් 25.9%ක් දක්වා වර්ධනය වී ඇතිබව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මුලාශය TV Asahi

0 comments:

**iPhone6 ෆැක්ටරි අන්ලොක් දුරකතනය වඩාත්ම පිරිවැසුම්දායකද?**

පසුගිය වසරේ අගභාය දක්වා ජපානය තුළ සෘජුව ෆැක්ටරි අන්ලොක් අයිෆොන් මිලදී ගැනිමේ හැකියාව තිබුනේ නෑ.වසර කීපයක්ම සොෆොට්බැන්ක් සමාගම අයිෆොන් සඳහා එකාධිකාරයක් දැරුව අතර සොෆ්ට්බැන්ක්,au,docomo වෙතින් නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ ජාලය තුළ පමණක් ක්‍රියාකාරි වන ලෙස සැකසු අයිෆොන් පමණි.මේ නිසා ජපානය තුළ ජිවත් වෙන කෙනෙකුට තමා භාවිතා කළ අයිෆොනය ,නැවත ශ්‍රී ලංකාවේදී භාවිතය හෝ ශ්‍රී ලංකාවේ සිටින හිතවතෙකුට ලබාදීමේදී සිම් අන්ලොක්,අදී ලෙස තෙවන පාර්ශව අන්ලොක් ක්‍රමවේදයන් භාවිතා කිරීමට සිදු වුණා.මේවැනි ක්‍රමවේදයන් මඟින් අන්ලොක් කළත් අයිෆොනය සොෆ්ට්වේයර් යවත්කාලීන කිරීම් ආදියදී විවිධ ගැටළු මතු වේනවා.
පසුගිය වසරේ සිට ෆැක්ටරි අන්ලොක් අයිෆොන් ජපානේ ඇපල් ස්ටොර් මඟින් අලවි කිරිම ආරම්භ කලා.මිල ගණන් මේසේය..(බදු රහිත මිල ගණන් වේ)
iPhone 6 16gb yen 67800
64gb 79800
128gb 99800

iPhone 6plus 16gb 79800
64gb 89800
128gb 99800

iPhone 5s 16gb 57800
32gb 62800

0 comments:

☆☆ජපානේ ජන ජීවිතය: ඕක්තොම්බර් පළමුවැනිදා සිට සිදුවන අළුත් වෙනස්කම්......☆☆

රාජ්‍ය සහ පුද්ගලික අංශය විසින් සිය ආයතන පිළිබඳ ගත් තීරණ තින්දු නිසා අද දින සිට ජන ජීවිතයට බලපාන වෙනස්කම් කීපයක් සිදුවේ. මෙහි පහත දැක්වේන්නේ එම වෙනස්කම් පිළිබඳව "මයිනිචී පුවත්පත"ඉදිරිපත් කළ සාරාංශයයි.

◎සුභසාධක සහ සෞඛ්‍ය රක්ෂණය ගාස්තු ඉහළට
ඔබ ස්‍ථිර රැකියාවක නිරත වන්නෙකු නම් ඔබගේ මාසික වැටුපෙන් ස්වංක්‍රීයව කපා ගන්නා සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව මේ මාසේ සිට 0.354%කින් වැඩි කර තිබේ.

◎පැයක් සඳහා අවම වැටුප ඉහළට
අද දින සිට මේ මාසය ඇතුළත ඒ ඒ පලාත සඳහා නියම කර තිබෙන අවම වැටුප(පැයක් සඳහා) සමාන්‍ය අගය යේන් 16ක් පමණ වන ලෙස ඉහළ දමා තිබේ.

◎අවහන්හල් කෑම මිල ඉහළට
චීන ආහර වන ග්යොසා සහ රාමේන් වල මිල ගණන් 10%කින් පමණ ඉහළ යාමට නියමිතය.ස්ටාර්බක් කෝපි අවහන්හල් ද සිය latteවර්ගයේ බීම සඳහා මිල යෙන් 10කින් ඉහළ දැමීමට නියමිතය.

◎සන්නිවේදන
ජංගම දුරකථන සමාගම් සහ PHS දුරකථන සමාගම් අතර දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සමාගමක සේවාවන් ලබා ගැනිමේ පහසුකම්(MNP;mobile number portability) අද දින සිට සැපයේ. ඔබ භාවිතා කරමින් සිටින්නේ 070පටන් ගන්නා දුරකථනයක් නම්, අද දින සිට සොෆ්ට්බෑන්ක් ,ඩොකොමො අදී දුරකතන සඳහා ඔබගේ පරණ අංකයෙන්ම මාරුවීම කළ හැකිය.

◎විදේශ සංචාරකයිට බදු සහන
මේ දක්වා ඉලොක්ට්‍රොනික් උපකරණ ආදී සිමිත වපසරියකට ලබා දුන් ,පරිභෝගික බද්දෙන් නිදහස් කිරීම, අහාර ද්‍රව්‍ය ,රූපලාවන්‍ය භාණ්ඩ අදී ලෙස විශාල වපසරියකට පුළුල් කිරිමට රජය අද දින සිට කටයුතු කරයි.

මුලාශය මයිනීචි පුවත්පත

0 comments:

**බේස්බොල් ජාතික ශුරතාවය මේවර සොෆ්ට්බෑන්ක් කණ්ඩායමට....**

බේස්බොල් ක්‍රිඩාවේ ජපානයේ ප්‍රමුඛතම ලීග් ශුරතාවය වන SMBC ජපාන ශුරතා තරගාවලියේ අවසාන වටයේ ජයග්‍රහනය අද ෆුකුඕකා සොෆ්ට්බෑන්ක් හොක්ස් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. අවසාන වටය සඳහා තරඟ 7ක් පැවැත්වේන අතර අද පැවැති පස්වන තරඟයෙන් 4 වැනි ජයග්‍රහනය ප්‍රතිවිරුද්ධ හන්ෂීන් ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව 1-0 ලෙස වාර්තා කරමින් සමස්ත ශුරතාවය දිනා ගැනිමට සොෆ්ට්බැන්ක් ක්ණ්ඩායම සමත් විය.සොෆ්ට්බැන්ක් කණ්ඩායම මීට පෙර 2011වසරේදීද සමස්ත ශුරතාවය දිනා ගැනීමට සමත්විය.
මුලාශය මයිනිචි ෂින්බුන්

0 comments:

© 2013 හිරු නැඟෙන රටේ අපි. All rights reserved.
Designed by Trackers
Theme by Magazinetheme.com